Welcome to the detailed analysis for hirunews.lk. This domain is officially recognized as Hiru News Official Web Site - Most visited website in Sri Lanka - Sri Lanka News - Online Sinhala English News - Breaking Sinhala English News - Hiru TV News | A Rayynor Silva Holdings Company. According to their official web presence, their primary focus is: "Detailed SEO and authority metrics for hirunews.lk. Hirunews currently holds an estimated domain authority score of 46/100 in the .LK namespace based on our global index mapping.".
"ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දෙවන අදියර යටතේ රාජ්‍ය ආයතනවල පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකක 244ක් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා. සුපිළිපන්භාවය සංවර්ධනය කිරීමේ කාර්යාංශයේ ප්‍රධානී/ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහගේ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත්ගේ සම්පත්දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුවට රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් අමාත්‍යාංශ, පළාත් දෙපාර්තමේන්තුවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන් සහ සුපිළිපන් නිලධාරීන් එක්ව සිටියා. .මීට අමතරව උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් අමාත්‍යාංශ සහ පළාත් දෙපාර්තමේන්තුවල නිලධාරීහුද මාර්ගගතව මෙම වැඩමුළුවට එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ."
"ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යානා ඇණියක් ප්රතිශ්ඨාපනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්රමිකතාවලට අදාල නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළා.සිය සේවා දායකයින්ට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූයේ මවගේ අවමගුල් කටයුතු පැවතීම හේතුවෙන් බවට ජනාධිපති නීතිඥ නලින් ලද්දුවේහෙට්ටි ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළා.මෙම සිද්ධියට අදාල සැකකාරියක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (අභාවප්‍රාප්ත වී ඇති) කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් ඇප තැබූ මොවුන් දෙදෙනා එම සිද්ධිය ඊයේ (16) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙලෙස වෙරෙන්තු නිකුත් කර තිබුණා.ඒ අනුව, අද (17) අධිකරණය හමුවේ පෙනී සිටි ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේ අරවින්ද ද සිල්වාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඊට අදාළ අවසන් කටයුතු ඊයේ (16) දිනයේදී පැවැති බැවින් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වූ බවයි.මෙම සිද්ධියේ සැකකාරියට එරෙහි ඇප රාජසන්තක නොකිරීමට හේතු දැක්වීමට අදාල නඩුව ඊයේ (16) කැඳවා තිබුණා.මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන කපිල චන්ද්‍රසේන යන අයගේ බිරිඳ ට අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 20 බැගින් වූ ශරිර ඇප දෙකක් මත අධිකරණය හමුවේ ඇප තැන්පත් කර තිබුණා.ඒ අනුව අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (16) අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා."
"වෙළදපොළේ වාහන මිල සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කොළඹ ඊයේ (16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මේ බව පැවසුවා.ඇතැම් වාහන රුපියල් ලක්ෂ 10 කින් පමණ පහළ බැස ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ."
"පොලිස් නිෂ්කාශන සහතික පත් ලබාගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකතන අංක කිහිපයක් හදුන්වාදී තිබෙනවා. පැය 24 පුරා ක්‍රියාත්මක අදාළ දුරකතන අංක ඔස්සේ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා අදාළ අයදුම්කරුවන්ට නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීමට අදාලව ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සදහා අයදුම්පත් යොමු කිරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.නිෂ්කාශන පරිගණක පද්ධතිය යථාවත් වනතුරු ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ නිෂ්කාශන සහතික ලබා ගැනීම සදහා වන අයදුම්පත් භාරගැනීම සිදු වන අතර මේ සම්බන්ධයෙන් ගැටලුවක් වේ නම් 071 859 5946, 0718595947, 071 859 59 48 යන දුරකතන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා."
By comparing hirunews.lk to other leading websites in its niche, marketers and researchers can identify key traffic sources and growth opportunities. Explore our related resources below to find websites similar to hirunews.lk.
Yes, according to our latest analysis, we detected a valid SSL certificate ensuring a secure connection.
As of September 17, 2026, hirunews.lk holds an estimated domain authority score of 71/100 based on our VisitRank tracking algorithms.
You can find the best alternatives and similar sites to hirunews.lk in our explore section, which includes competitors in the E-commerce & Retail sector.
Common Misspellings & Typo Domains for hirunews.lk: